ලෝකයේ දීර්ඝතම දුම්රිය ගමන
Saturday, 14 December 2019
Rangala Natural Pool | රංගල ස්භාවික තටාකය
ස්භාවික රංගල තටාකය
මහනුවර නගර පසු කර මහියංගණය - මහනුවර මාර්ගයේ තෙල්දෙණිය නගරය පසු කරනවත් සමග රංගල කියන ග්‍රාමයට මාර්ගය හමු වේ..මහනුවර සිට ආසන්න 30km පමණ යා යුතුය.පෞද්ගලික වාහනයක් ආධාරයෙන් ගමන් කල හැක..පොදු ප්‍රවාහන සේවය යොදා ගන්නේ නම් මහනුවර සිට තෙල්දෙණිය හරහා රංගල හෝ පොද්දල්ගොඩ බස් රථයක් ඔස්සේ ගමන් කල හැක.
ගිහින් නැත්තම් පරිස්සමෙන් ගිහින් බලල එන්න පට්ට ලස්සනයි ..පරිස්සමෙන් ගිහින් බලන්න..නාන්න කරන්න යනව නම් පරිස්සමෙන් මොකද ගැඹුරු වැලි වලවල් තියනව..දැනට කීප දෙනෙක් මැරිලත් තියනව .
#nature #travel #natural_swwiming_pool #Rangala #be_aware https://t.co/A98y06NFEe
Golumale | ගොලුමලේ
ගොලුමලේ .
වලපනේ සිට නිල්දණ්ඩාහීන්න පසුකර මඩුල්ල මස්පන්න මාර්ගයේ යටිමාදුර කියන ගමේ තියන ලස්සන තැනක්..පරිස්සමෙන් ගිහින් ඒ ස්භාවික පරිසරය ආරක්ෂා කරල එහි සුන්දරත්වය විදින්න
Golumale Stream Walapane Sri Lanka
#travel #adventures #nature #SriLanka #River #be_aware #walapane #golumale https://t.co/VvxyCdMjdD
Different Location
Wonder of asia..Different Location Different Climate Different Culture in Sri Lankan Beauty .
Wangedigala Top & Galaboda
ලංකාවේ සුන්දර ස්ථාන දෙකක්..වංගෙඩිගල සහ ගලබොඩ .. කෑම්පින් කරන්න නම් වංගෙඩිගල යන්න පුලුවන් දිය ඇල්ල බලන්න ගලබොඩ
#wangedigala #Camping #adventure #naturelovers #kandy #badulla #railway #waterfall #mountains https://t.co/Ht46mukyP2
Single Tree Hill Nuwara Eliya
Single Tree Hill Top
Nuwara Eliya , Sri Lanka
දෙස් විදෙස් සංචාරක පාරාදීසයක් වූ නුවරඑළිය සිංගල් ට්‍රී කන්ද..සහ පන්සල.නුවරඑළිය ග්‍රෙගරි වැව පාරේ රේස් කෝස් එක ආසන්නයෙන් ඇති මාර්ගයකින් ගමන් කල හැක. මාර්ගය අබලන් වී ඇති බැවින් පයින් හෝ යතුරු පැදියකින් ගමන් කල යුතුයි
https://t.co/ITvjHyJvY8
Tuesday, 1 January 2019
Captain Dowsan Tower
කැප්ටන් ඩෝසන් කුලුන ..
කොළඹ - මහනුවර A1 ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව නගර සීමාවේ පිහිටා ඇති මෙම කුලුන මහනුවර සිට කොළඹ දෙසට ගමන් කරන බොහෝ දෙනෙකුට නෙතට දර්ශනය වන දසුනක් ලෙස සැලකිය හැක..1832 වර්ෂයේ වැඩ නිම කරන ලද මෙම කුලුන ස්ථාපනය කිරීම උදෙසා පාදක වූ ප්‍රධාන කරැණ ලෙස , එවකට කොළඹ සිට මහනුවරට මාර්ගය ඉදිකිරීම් කරන අතර තුර 1829 මාර්තු මාසයේ එවකට ප්‍රධාන ඉංජිනේරු කැප්ටන් ඩෝසන් විසකුරු සර්ප දෂ්ටනයකින් මිය යන අතර ඔහුව සිහි වීම පිනිස මෙම කුලුන ඉදිකරන ලද බව.

PC @mahesh kushantha
Doric Bungalow
- Doric Bungalow
මන්නාරමේ පිහිටි මෙම බංගලාව ෆෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා විසින් භාවිතා කරන ලද නිල නිවාසය ලෙස සැලකේ.1802 මාර්තු මාසයේ වැඩ ආරම්භ කරන ලද මෙම ගොඩනැගිල්ල 1804 පෙබරවාරි මාසයේ වැඩ නිම කරන ලදී..මහල් දෙකකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ දැනට ඉතිරිව ඇති නටබුන් කීපයක් ..
⛲බෝවතැන්න ජලාශය ..
කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හැරවුම රජරට තෙක්..
බෝවතැන්න ජලාශය මාතලේ දිස්ත්‍රික්කයේ බෝවතැන්න ග්‍රාමීය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ජලාශය... ශ්‍රී ලංකාව යලි පෙරදිග ධාන්‍යාගාරය කිරීමේ පරමාදර්ශයෙන් රජරට නුවර කලාවියේ දහසක් කෙත් වතු මහවැලි දියෙන් සරැසාර කිරීම උදෙසා වර්ෂ 1976 ක් වූ මාර්තු මස 18 වන දින එවක වැඩ බලන අග්‍රාමාත්‍ය මෙත්‍රීපාල සේනානයක මැතිතුමන් විසින් උමං දෙර විවෘත කරන ලදී..
වේල්ල ..
උපරිම උස අඩි - 98
ජලාශයේ ධාරිතාව අක්කර අඩි - 41,200
ජලාශය පැතිරීම - අක්කර 1500
උමග....
දිග - අඩි 22,468
විෂ්කම්භය - අඩි 13 1/2
ජලය සපයනු ලබන වැව්...
කන්දලම , හුරුළු වැව , කලා වැව , රජාංගනය , සියඹලන්ගමුව , නාච්චාදූව..

Subscribe to:
Posts (Atom)